තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර ගුවන්තොටුපොළට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර 3කින් 32 දෙනෙක් මරුට

තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර ගුවන්තොටුපොළට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර 3කින් 32 දෙනෙක් මරුට

තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර ගුවන්තොටුපොළට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර 3කින් 32 දෙනෙක් මරුට

කර්තෘ Sakila Udayakumara

29 Jun, 2016 | 7:01 am

තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර ගුවන්තොටුපොළ පරිශ්‍රයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 3කින් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ, ප්‍රහාරවලින් තව ත් 60කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ය.

මිය ගිය පිරිසෙන් බහුතරය තුර්කි ජාතිකයින් ය.

ඇටටර්ක් ගුවන්තොටුපොළ සැලකෙන්නේ යුරෝපා කලාපයේ පිහිටි තෙවන කාර්ය බහුලත ම ගුවන්තොටුපොළ ලෙස ය.

ප්‍රහාර සඳහා පැමිණි සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙකු ගුවන්තොටුපොළේ ආරක්ෂක මුරපොළ වෙත වෙඩි තබමින් පැමිණ ඇති අතර, පසුව ඔවුන් බෝම්බ පුපුරාගෙන ඇතැයි විදෙස් වාර්තා අනාවරණය කළේ ය.

කෙසේ වෙතත් ප්‍රහාරවල වගකීම මෙතෙක් කිසිවෙකු භාර ගෙන නොමැත.

ප්‍රහාරවලින් අනතුරුව මාධ්‍ය අමතමින් තුර්කි ජනපති රීසෙප් තායිප් අඩෝගන් පැවසුවේ, මෙවැනි ප්‍රහාරයක් ලොව ඕනෑ ම ගුවන්තොටුපොළකට එල්ල විය හැකි අතර, සියලු රාජ්‍යයන් ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදිය යුතු බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]