මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී

මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී

මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී

කර්තෘ Sagarika Chathumali

27 Jun, 2016 | 11:47 am

ආර්ජන්ටිනා පාපන්දු නායක ලියනොල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.

ලියොනල් මෙසී මෙලෙස ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නා බව ප්‍රකාශ කර ඇත්තේ කෝපා ඇමරිකා පාපන්දු අවසන් තරගයේදී චිලී කණ්ඩායම හමුවේ පරාජයට පත් වීමත් සමග ය.

කෝපා ඇමරිකා පාපන්දු කුසලානයේ පසුගිය වර ශූරයන් වූයේ ද චිලී කණ්ඩායමයි.

තරගයේ නියමිත කාලයේදී දෙපිළට ම ගෝල වාර්තා කිරීමට නොහැකි වූ අතර
අතිරේක කාලයේදී ද ගෝල වාර්තා නොවීම හේතුවෙන් තරගයේ ජය තීරණය කළේ, දඬුවම් පහර මගිනි.

දඬුවම් පහර වටයේදී චිලී කණ්ඩායම පහර 4 ක් සාර්ථක කරගත් අතර, ආර්ජන්ටිනාවට සාර්ථක කරගත හැකි වූයේ, දඬුවම් පහර 2ක් පමණි.

අවසන් තරගයකට පැමිණ ආර්ජන්ටිනාව මෑත කාලයේදී අඛණ්ඩව පරාජය වූ තෙවන අවස්ථාව මෙය වේ.