ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ දිවියෙන් සම‍ුගනී

ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ දිවියෙන් සම‍ුගනී

ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ දිවියෙන් සම‍ුගනී

කර්තෘ Sagarika Chathumali

15 Jun, 2016 | 10:38 am

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය.

මිය යන විට 73 වන වියේ පසුවූ අමරසිංහ මහතා ශ්‍රී ලාංකේය විප්ලවීය දේශපාලනයේ නියමුවෙකි.

රෝහණ විජේවීර මහතා සමග එක්ව ජනතා විමුක්ති පෙරමුණ බිහි කිරීමට දායක වු අමරසිංහ මහතා 4 වන නායකයා ද වේ.

88-89 භිෂණ සමයේදී විජේවිර මහතාගේ ඝාතනයෙන් අනතුරුව රහසිගත ලෙස රටින් පලාගිය සෝමවංශ මහතා විදේශගතව සිට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිසංවිධානය සඳහා අනුපමේය සේවාවක් කළ නායකයෙකි.

සිය ජීවිත කාලය ම දේශපාලනයට කැප කළ සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු නියෝජනය දක්වා ඔසවා තැබීමට කැප වී ක්‍රියා කළේ ය.

ලන්ඩන් නුවර සිට නැවත දිවයිනට පැමිණි සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණට නායකත්වය දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු පළාත් පාලන මන්ත්‍රිවරුන් රැසක් එම පෙරමුණ හරහා බිහි කිරීමට සමත් වු නායකයෙකි.

මෙලෙස පක්ෂය ප්‍රතිසංවිධානය කරමින් ජනතා විමුක්ති පෙරමුණට නායකත්වය ලබා දුන් අමරසිංහ මහතා 2014 පෙබරවාරි මාසයේදී පක්ෂයේ නායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරීම ද ලාංකේය දේශපාලනයේ විශේෂ සන්ධිස්ථානයක් විය.

ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වු සෝමවංශ අමරසිංහ මහතා වෙනත් දේශපාලන ප්‍රවාහයන් ඔස්සේ සිය පෞද්ගලික දේශපාලන මතය ජනතාව හමුවේ තැබීමට ක්‍රියා කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]