ටිරාන් අලස්ට විදෙස් ගත වීමට අධිකරණයෙන් අවසර (VIDEO)

ටිරාන් අලස්ට විදෙස් ගත වීමට අධිකරණයෙන් අවසර (VIDEO)

කර්තෘ Sakila Udayakumara

14 Jun, 2016 | 7:19 pm

ටිරාන් අලස් මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදෙස් ගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර් හෙයියන්තුඩුව මහතා අද අවසර ලබා දුන්නේ ය.

ඒ, ඔහු ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලීමෙන් පසුව ය.

රාඩා ආයතනයේ නඩුවට අදාළව මීට පෙර ටිරාන් අලස් මහතාගේ විදෙස් බලපත්‍රය අධිකරණය භාරයට ගෙන තිබිණි.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා යෑමට අලස් මහතා මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණ ත් එය ප්‍රතික්ෂේප විය.

ඉන් පසුව ඔහු ප්‍රතිශෝධන අයදුම්පතක් මහාධිකරණයට යොමු කළේ ය.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතා අලස් මහතා ගැන දුන් වෛද්‍ය වාර්තාව සහ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණය මාස තුනක කාලයක් ඇතුළත සති තුනක් ප්‍රතිකාර සඳහා විදෙස් ගත වීමට අවසර දුන්නේ ය.

මහාධිකරණ විනිසුරු හෙයියන්තුඩුව මහතා නියෝග කළේ, රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප අමතර ඇප වශයෙන් තැන්පත් කරන ලෙස ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]