අරලියගහ මන්දිරයට ගෙන ගොස් හානි වූ හිඳි පිළිමය යළි කෞතුකාගාරයට

අරලියගහ මන්දිරයට ගෙන ගොස් හානි වූ හිඳි පිළිමය යළි කෞතුකාගාරයට

අරලියගහ මන්දිරයට ගෙන ගොස් හානි වූ හිඳි පිළිමය යළි කෞතුකාගාරයට

කර්තෘ Sagarika Chathumali

14 Jun, 2016 | 9:26 am

අරලියගහ මන්දිරයේ ප්‍රදර්ශනයක් සඳහා රැගෙන ගොස් හානියට පත් වු හිඳි පිළිමය මහජන ප්‍රදර්ශනය සඳහා නැවත තබා ඇති බව ජාතික කෞතුකාගාරය පවසයි.

එහි අධ්‍යක්ෂ සනුජා කස්තුරිආරච්චි මහත්මිය සඳහන් කළේ, හානි වූ එහි සිරස්පතය සංරක්ෂණය කර ඇති බව ය.

පසුගියදා අරලියගහ මන්දිරයේ පැවැති ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයට සමගාමිව මෙම බුද්ධ ප්‍රතිමාව ද ප්‍රදර්ශනය සඳහා රැගෙන ගොස් තිබිණ.

අනුරාධපුර යුගයට අයත් එම පිළිමය බිම ඇද වැටීමෙන් එහි සිරස්පතයට හානි වී තිබූ බව අධ්‍යක්ෂවරිය සඳහන් කළා ය.