03 වන සියවසට අයත් ඉතා ම දුර්ලභ ඝණයේ බුද්ධ ප්‍රතිමාවක් පකිස්ථානයේ පුරාවිද්‍යාඥයෝ සොයා ගනිති

03 වන සියවසට අයත් ඉතා ම දුර්ලභ ඝණයේ බුද්ධ ප්‍රතිමාවක් පකිස්ථානයේ පුරාවිද්‍යාඥයෝ සොයා ගනිති

03 වන සියවසට අයත් ඉතා ම දුර්ලභ ඝණයේ බුද්ධ ප්‍රතිමාවක් පකිස්ථානයේ පුරාවිද්‍යාඥයෝ සොයා ගනිති

කර්තෘ Sakila Udayakumara

04 Jun, 2016 | 7:15 am

03 වන සියවසට අයත් ඉතා ම දුර්ලභ ඝණයේ බුද්ධ ප්‍රතිමාවක් සොයා ගැනීමට පකිස්ථානයේ පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් සමත්ව තිබේ.

බීබීසී පුවත් සේවය සඳහන් කළේ, කාබන් දින දර්ශකය අනුව මෙම සැතපෙන බුදු පිළිමය දකුණු ආසියානු රටකින් ලද එම ඝණයේ පැරණිත ම පිළිමය හැටියට සැලකෙන බව ය.

සැතපෙන බුදු පිළිමය හමු වී තිබෙන්නේ, ගාන්ධාරයෙනි.

‘ගාන්ධාර තොටිල්ල’ යනුවෙන් හැඳින්වෙන වයඹ පකිස්ථානය ඓතිහාසික බෞද්ධ රාජධානියක් වන අතර බුදු දහම ඉන්දියාවේ සිට නැගෙනහිර දෙසට ව්‍යාප්ත වීමේදී ගාන්ධාර දේශයත් ඊට ඇතුළත් විය.

පුරාවිද්‍යාඥයින් පවසන්නේ, පිළිමය අවුරුදු 1800ක් තරම් පැරණි බව ය.

කැණීම් මගින් තමන් ගොඩ ගන්නා ලද බුදු පිළිමය පිළිසකර කිරීමට අසීරු මට්ටමින් දුර්වල තත්ත්වයක පවතින බව පකිස්ථාන පුරාවිද්‍යාඥයින් පවසන බව බීබීසී පුවත් සේවය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]