නුවන් කුලසේකර සිය ජාත්‍යන්තර ටෙස්ට් ඉනිමෙන් සමු ගනියි

නුවන් කුලසේකර සිය ජාත්‍යන්තර ටෙස්ට් ඉනිමෙන් සමු ගනියි

නුවන් කුලසේකර සිය ජාත්‍යන්තර ටෙස්ට් ඉනිමෙන් සමු ගනියි

කර්තෘ Sakila Udayakumara

01 Jun, 2016 | 9:21 am

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

නුවන් කුලසේකර තමා ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ලිඛිතව දන්වා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ ය.

ඔහු එහිදී පවසා ඇත්තේ, ඉදිරියේදී සීමිත පන්දුවාර තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරන බව ය.

ඉදිරියේදී එක්දින හා පන්දුවාර 20 යි 20 තරග සඳහා වැඩි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බව ද කුලසේකර සිය ලිපියේ සඳහන් කර තිබේ.

කුලසේකර 2014 වසරින් පසුව ටෙස්ට් තරගයකට සහභාගී වී නොමැත.

2005දී ටෙස්ට් වරම් දිනා ගත් නුවන් කුලසේකර ක්‍රීඩා කර ඇති තරග ගණන 21කි.

ඔහු එහිදී කඩුලු 48ක් දවා ගෙන ඇති අතර අර්ධ ශතකයක් ඇතුළුව ලකුණූ 391ක් රැස් කර ගෙන තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]