ශමින්ද එරංගගේ පන්දු යැවීම ත් ICCයට සැක සහිත ලු

ශමින්ද එරංගගේ පන්දු යැවීම ත් ICCයට සැක සහිත ලු

ශමින්ද එරංගගේ පන්දු යැවීම ත් ICCයට සැක සහිත ලු

කර්තෘ Sagarika Chathumali

31 May, 2016 | 12:03 pm

එංගලන්තයට එරෙහිව ඊයේ නිමාවු දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුව නිකුත් කළ තරග විනිසුරු වාර්තාවේ ශමින්ද එරංගගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට කරුණු සඳහන් ව ඇතැයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ පිළිබඳව කණ්ඩායම් කළමනාකාරීත්වයට නිල වශයෙන් දැනුම් දී ඇති අතර, දින 14 ක කාලයක් තුළ ශමින්ද එරංග සිය නිරවද්‍යතාවය තහවුරු කිරිම සඳහා පරීක්ෂණයකට මුහුණ දිය යුතුව තිබේ.

කෙසේ නමුත් එහි ප්‍රතිඵල නිකුත් වන තුරුඔහුට ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීමට අවස්ථාව හිමි වේ.

දකුණතින් පන්දු යවන 29 හැවිරිදි ශමින්ද එරංග ටෙස්ට් තරග 18 කදී දවා ගෙන ඇති කඩුළු සංඛ්‍යාව 53කි.

එක්දින තරග 17කදී ඔහු දවා ගෙන ඇති කඩුළු සංඛ්‍යාව 20 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]