රජයේ වෛද්‍ය නිලධාරීන් සංකේත වැඩ වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන් සංකේත වැඩ වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන් සංකේත වැඩ වර්ජනයක

කර්තෘ Sagarika Chathumali

31 May, 2016 | 6:54 am

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8.00 සිට සංකේත වැඩ වර්ජනයක් කැඳවා තිබේ.

ඒ, පශ්චාත් සීමා වාසික වෛද්‍ය පත්වීම් ලබා දීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බව පවසමිනි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නලින්ද හේරත් මහතා පැවසුවේ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් නිසි අවධානය යොමු නොකළහොත් දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බව ය.

කෙසේ වෙතත් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සදහන් කළේ, ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළ හැකි බව ය.

කෙසේ වෙතත් විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසන්නේ, කැඳවා ඇති වැඩවර්ජනය අසාධාරණ නොවන බව ය.