දුම්වැටි බදු තව දුරට ත් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනා කරනවා – ජනපති

දුම්වැටි බදු තව දුරට ත් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනා කරනවා – ජනපති

දුම්වැටි බදු තව දුරට ත් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනා කරනවා – ජනපති

කර්තෘ Chathuranga Rajapaksha

31 May, 2016 | 5:20 pm

දුම්වැටි සඳහා පනවා ඇති බදු වැඩි කිරීම සම්බන්ධයෙන් වහාම අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ පැවති උත්සවයකදී දුම්වැටි මිල ඒක පුද්ගල ආදායම වැඩිවීමට සමානුපාතිකව වැඩිවී නැතැයි ආර්ථික විශේෂඥයෙකු කළ පැහැදිලි කිරීමකට ප්‍රතිචාර දක්වමින්.

ලෝක දුම්වැටි විරෝධී දින සැමරුම් උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.

ආර්ථික විශේෂඥ ආචාර්ය නිශාන් ද මෙල් මහතා

[quote]අපේ රටේ දුම් වැටි ගැනීමේ බලය නැත්තං පාරිභෝගික බලය වැඩිවෙමින් පැවතිලා තියෙනවා ගිය වසරෙත් වැඩි වෙලා තියෙනවා. ඒක පුද්ගල දළ දේශිය නිෂ්පාදනය වැඩි වීමට සමානුපාතව මිල වැඩි වෙලා නෑ. අපි ඇසිය යුතු ප්‍රශ්නය තමයි වැට් කියන ටැක්ස් එක වැඩි වෙලා තියෙනවා.ඒකෙන් ගොඩදෙනෙක් ට අමාරු වෙලා තියෙනවා.ජනාධිපතිතුමාත් ඒක ගැන කතා කරලා තියෙනවා.ඇයි මේ සිගරට් වලින් ගත හැකි බදු ප්‍රතිශතය අඩු කරලා තියෙන්නේ වැට් ප්‍රතිශතය ප්‍රතිශතය වැඩි කරන වෙලාවක දි කියන එක් ලොකු ප්‍රශ්නයක් වෙනවා.[/quote]

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා

[quote]මේ රටේ 25,000ක් විතර අවුරුද්දකට මේ දුම්වැටි නිසා මිය යනවා ඒකේන් 2500ක් විතර දරුවන් දුම්බීමෙන් නෙවෙයි දුම් බොන අය නිසා ඒ දුමාරයෙන්. අපි නම් කියන්නේ සියට 90ක්වත් මේ බදු ගහන්න. එතකොට එතුමා කිව්ව එක ඇත්ත එතොකට වැට් බද්ධ අවශ්‍ය නැහැ දුප්පත් මිනිසුන්ට වදින්නේ නැහැ[/quote]

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා

[quote]දුප්පත්කම වැඩි වෙන්නත් දුප්පතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්නත් ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මද්‍යාසාරය සහ දුම්වැටිය භාවිත කිරිම නිසා තමන්ට ලැබෙන ඉතාමත්ම අඩු ආදායමෙන් සීයට 35ක් ඒ සදහා වැය කිරිම තුළ ඇති වී තිබෙන ජාතික ව්‍යවසනය. මෙල් මැතිතුමා අපිට ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තමයි මෙතෙනින් එහාට ගියේ ඒ ප්‍රශ්නය එක පැතත්කින් අපිව වගඋත්තරකාරයෝ බවට පත් කෙරුවා.මම පැහැදිලිවම කියන්න ඕනේ.මේ රැස්වීම මම මෙතනින් දැන් කතා කරලා යන්නේ කැබිනට් මණ්ඩල රැස්වීමට මම කැබිනට් මණ්ඩල රැස්වීමේදි මම වහාම අද යෝජනා කරනවා.මේ පිළිබද වහාම ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය පිලිබඳව[/quote]

ලෝක දුම්වැටි විරෝධී දිනයට සමගාමීව පාසැල් දරුවන් අතර දීප ව්‍යාප්තව සංවිධානය කළ තරගවල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට තිළිණ පිරිනැමීම ද එහිදී සිදුවිය.

මේ අතර දුම්වැටි විරෝධී දින පළමු කොඩිය අද පෙරවරුවේ ජනාධිපතිවරයාට පැළඳවූයේ ජනාධිපති කාර්යාලයේදී ය.