විනාඩි 5ක් තුළ දිල්ලියට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව තමන් සතු බව පකිස්ථානය කියයි

විනාඩි 5ක් තුළ දිල්ලියට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව තමන් සතු බව පකිස්ථානය කියයි

විනාඩි 5ක් තුළ දිල්ලියට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව තමන් සතු බව පකිස්ථානය කියයි

කර්තෘ Sagarika Chathumali

30 May, 2016 | 12:44 pm

න්‍යෂ්ටික අවි බලය සතු පකිස්ථානයට විනාඩි 5ක් තුළ රාවල්පිණ්ඩි සිට ඉන්දියාවේ නවදිල්ලි නගරයට ප්‍රහාරයක් එල්ල කළ හැකි බව පකිස්ථාන න්‍යෂ්ටික වැඩසටහනේ පියා ලෙස සැලකෙන ආචාර්ය අබ්දුල් කාදීර් ඛාන් පවසයි.

ඔහු මේ බව ප්‍කාශ කළේ, ඔහුගේ අධීක්ෂණය යටතේ පකිස්ථානයේ සිය පළමු න්‍යෂ්ටික අවි අත්හදා බැලීම සිදු කර වසර 18ක් සපිරීම නිමිත්තෙන් පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

1984 වසරේ පමණ තම රටට න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ රටක් බවට පත්වීමට හැකියාව තිබුණ ද එවක ජනාධිපති ජෙනරාල් සියා උල් හක් ඊට එරෙහි වීම හමුවේ එය වැළකී ගිය බව ද ආචාර්ය අබ්දුල් කදීර් ඛාන් පැවසී ය.

සිය සහය නොමැතිව පකිස්ථානය කෙදිනක හෝ න්‍යෂ්ටික ශක්තිය ලොව ප්‍රථම මුස්ලිම් රට බවට පත්වීමට ඉඩ නොතිබූ බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ඉතා දැඩි බාධක මධ්‍යයේ වුවත් පකිස්ථානයට අවසානයේ එය ළඟා කර ගැනීමට හැකිවීම පිළිබඳ තමන් සතුටු වන බව ත් ආචාර්ය අබ්දුල් කදීර් පවසයි.