අහංගම ගල් වැඩපොළක ගලක් පෙරළීමෙන් අයෙකු මරුට

අහංගම ගල් වැඩපොළක ගලක් පෙරළීමෙන් අයෙකු මරුට

කර්තෘ Chathuranga Rajapaksha

29 May, 2016 | 5:05 pm

අහංගම, තිත්තගල්ල ප්‍රදේශයේදී අද උදෑසන ගලක් පෙරළීමෙන් පුද්ගලයකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ප්‍රදේශයේ ගල් වැඩපොළක ඉහළ ස්ථානයක තිබු ගලක් වර්ෂාවත් සමග පස බුරුල්වීම හේතුවෙන් පහළට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය.

මියගොස් ඇත්තේ 59 හැවිරිදි තිත්තගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.