දුම්රිය දඩ මුදල ලබන පළමු වන දා සිට ඉහළට

දුම්රිය දඩ මුදල ලබන පළමු වන දා සිට ඉහළට

දුම්රිය දඩ මුදල ලබන පළමු වන දා සිට ඉහළට

කර්තෘ Sakila Udayakumara

28 May, 2016 | 7:48 am

ලබන පළමු වන දා සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර වැරදි සම්බන්ධයෙන් අය කරන දඩ මුදල රුපියල් 3000 දක්වා ඉහළ දමා තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එසේ ම ප්‍රවේශ පත්‍ර වරදකට හසුවන මගියා ගමන් කරන දුම්රියේ ආරම්භක ස්ථානයේ සිට දුම්රියේ ගමනාන්තය දක්වා එම මගියා ගමන් කළ පන්තියට අනුව අදාළ ගාස්තුව මෙන් දෙගුණයක් ද අදාළ දඩ මුදලට අමතරව අය කරන බව ය.

වර්ධනය වෙමින් පවතින ප්‍රවේශ පත්‍ර රහිතව ගමන් කිරීම, අදාළ පන්තියේ ගමන් නොකිරීම, ගමනාන්තය ඉක්මවා ගමන් කිරීම, ප්‍රවේශ පත්‍රයේ සඳහන් පන්තියට වඩා ඉහළ පන්තියක ගමන් කිරීම, ගමනේ සුළු කොටසකට පමණක් ප්‍රවේශ පත්‍ර ලබා ගෙන ගමන් කිරීම යන ආදී ප්‍රවේශ පත්‍ර වැරදි සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුවට අහිමි වී යන ආදායම වළක්වා ගැනීමට හා නිවැරදි ආකාරයට දුම්රියේ ගමන් කරන මගීන්ට සිදු වන අපහසුතා වැළැක්වීම සඳහා එම පියවර ගෙන තිබේ.