ගාලු දිස්ත්‍රික් ක්‍රිකට් නිලවරණය මහා පාරේ

ගාලු දිස්ත්‍රික් ක්‍රිකට් නිලවරණය මහා පාරේ

කර්තෘ Sakila Udayakumara

28 May, 2016 | 9:59 pm

ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් නිලවරණය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ පිවිසුම් දොරටුව අභියස පැවැත් වීමට සිදුවිය.

ඒ, නිලවරණය පැවැත්වීම සඳහා ක්‍රිඩාංගණය පරිශ්‍රයට ඇතුල්වීමට අවසර නොලැබීම හේතුවෙනි.

2016 සහ 2017 වසර සදහා ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රිඩා සංගමයේ නිලධාරීන් පත් කර ගැනීම සදහා මෙම නිලවරණ පැවැත්විය.

ගාලු දිස්ත්‍රික්කයේ ලියාපදිංචි වී සිටින ක්‍රිඩා සංගම් 12 න් මෙම නිළවරණය සදහා සහභාගී වු සංගම් සංඛ්‍යාව 7 කි.

එහිදී වතමන් සභාපති එච්. ප්‍රේමසිරි මහතා ඉදිරි වසර දෙක සදහා නව සභාපති ලෙස නිතරගයෙන් පත් වී තිබේ.

ලේකම් ධුරය මනෝහර ජයවර්ධන මහතා සඳහා පත් වු අතර, අරුණ ජයසේකර මහතා භාණ්ඩාගාරික ලෙස තේරී පත් විය.

අදාළ නිලවරණය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් දැනුවත් කර නැතැයි, අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.