ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් සිරස – ශක්ති, ජෝන් කීල්ස් සුව යාත්‍රාව අද කැලණිය රජමහා විහාරයේදී

ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් සිරස – ශක්ති, ජෝන් කීල්ස් සුව යාත්‍රාව අද කැලණිය රජමහා විහාරයේදී

ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් සිරස – ශක්ති, ජෝන් කීල්ස් සුව යාත්‍රාව අද කැලණිය රජමහා විහාරයේදී

කර්තෘ Sakila Udayakumara

28 May, 2016 | 8:48 am

අපදාවට ලක් වූ ජනතාවගේ නිරෝගී සුවය වෙනුවෙන් සිරස – ශක්ති, ජෝන් කීල්ස් සුව යාත්‍රාව අද දවස පුරා කැලණිය රජමහා විහාරයේදී පැවැත්වේ.

කැලණි ගඟ පිටාර ගැලීම ත් සමග කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 43323කට අයත් 190949ක පිරිසක් පීඩාවට පත් වූහ.

එම ජනතාව මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ, ගං වතුර බැස යාම සමග මතුව ඇති සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ ගැටලුව යි.

ඊට පිළියමක් ලෙස සුව සම්පත අහිමි වූ එම ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් සිරස – ශක්ති, ජෝන් කීල්ස් සුව යාත්‍රාව අද දවස පුරා කැලණිය රජමහා විහාර භූමියේදී ක්‍රියාත්මක වේ.

විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් රැසක් මෙන් ම ඖෂධවේදීන්, භෞතික චිකිත්සකයින්, වෛද්‍ය රසායන කාර්මික විද්‍යාඥයින්, ඊ.සී.ජී. තාක්ෂණවේදීන් ඇතුළු අතුරු වෛද්‍ය වෘත්තිකයින් රැසක් සිරස – ශක්ති, ජෝන් කීල්ස් සුව යාත්‍රාවට අද එක්වන්නේ, පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය යළි නගා සිටුවීම උදෙසා ය.

මීට අමතරව ගං වතුරෙන් විපතට පත් ජනතාවගේ නැති වූ උප්පැන්න සහතික, විවාහ සහතික ආදී ලේඛන යළි ලබා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ද මෙහිදී ක්‍රියාත්මක වන බව රෙජිස්ටාර් ජනරාල් ඊ.එම්. ගුණසේකර මහතා සඳහන් කළේ ය.

සිරස – ශක්ති, ජෝන් කීල්ස් සුව යාත්‍රාව අද උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා ක්‍රියාත්මක යි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]