හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ දියණියගේ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට

හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ දියණියගේ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට

හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ දියණියගේ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට

කර්තෘ Sakila Udayakumara

27 May, 2016 | 6:41 am

හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ දියණියගේ ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ පස්වරුවේ ගලෙන්බිඳුණුවැව, දුටුවැව ප්‍රදේශයේදී ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන මිය ගිය කාන්තාවගේ ස්වාමිපුර්ෂයා අත්අඩංගුවට පත් විය.

අප වාර්තාකරු පැවසුවේ, පොලීසියට ලද තොරතුරකට අනුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගත් බව ය.

20 හැවිරිදි සැකකරු අද කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය‍ට ඉදිරිපත් කිරීමට නියමිත ය.

පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ අලුයම උල් ආයුධයකින් ඇණ අදාළ පුද්ගලයා 20 හැවිරිදි සිය බිරිඳ ඝාතනය කර තිබිණි.

ඝාතනයට ලක් වූ කාන්තාව‍ගේ මව ද සිද්ධියෙන් තුවාල ලැබූ අතර ඇය මේ වන විට ත් අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]