රටම කැළඹූ අරණායක නාය යාම (Special Report)

රටම කැළඹූ අරණායක නාය යාම (Special Report)

කර්තෘ Chathuranga Rajapaksha

27 May, 2016 | 9:29 pm

මාවනැල්ල, අරණායක නාය ගිය ප්‍රදේශයට ළඟා වූ අපට ඈතින් පිහිටා තිබෙන සිත් පිත් නැති සාමසර කන්ද දැකගත හැකි විය.

නොසිතූ මොහොතක පැමිණි පස් සමග පහළට කඩා වැටුණු ගල් කැබලි තවමත් එම ස්ථානවල නිසොල්මනේ තිබුණේ කිසිඳු වරදකට හවුල්කරුවන් නොවුණු අයුරිනි.

 

IMG-20160527-WA0044 IMG-20160527-WA0048

උන්හිටි තැන් පමණක් නොව තම ජීවිත ද අහිමි වුණු මේ අරණායක වැසියන් කෙතරම් හොඳින් තම ජීවිත ගතකරන්නට ඇත්දැයි අප එහිදී දුටු දර්ශනවලින් අපට සිතාගත හැකි විය.

මේ මහා ව්‍යසනයෙන් ජීවිතය ගලවාගත් පිරිසක් සියලු බලාපොරොත්තු සුන් වූ සිතින් අවතැන් කඳවුරුවල තවමත් රැඳී සිටිති.

13 4

සිදු වූ ඒ මහා විනාශය දුටු අප යළි පැමිණියේ, මියගිය සියලු දෙනාට නිවන් සුව ත්, මෙවන් අවාසනාවන්ත සිදුවීමක් යළි කිසිදු දිනක සිදු නොවේවායි යන ප්‍රාර්ථනාව ත් සමගිනි.

IMG-20160527-WA0065