රාජ්‍ය බැංකුවක මුදල් අයකැමි කාන්තාවක් මුලා කළ විදේශිකයින් දෙදෙනෙක් ලක්ෂ 5ක් කොල්ල කති

රාජ්‍ය බැංකුවක මුදල් අයකැමි කාන්තාවක් මුලා කළ විදේශිකයින් දෙදෙනෙක් ලක්ෂ 5ක් කොල්ල කති

රාජ්‍ය බැංකුවක මුදල් අයකැමි කාන්තාවක් මුලා කළ විදේශිකයින් දෙදෙනෙක් ලක්ෂ 5ක් කොල්ල කති

කර්තෘ Sakila Udayakumara

26 May, 2016 | 11:04 am

කොළඹ, ටොරින්ටන්හි පිහිටි රාජ්‍ය බැංකුවක මුදල් අයකැමි කාන්තාවක් මුලා කළ විදේශිකයින් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 5ක් කොල්ල කා තිබේ.

පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් දෙදෙනා බැංකුවෙන් විදෙස් මුදල් මාරු කිරීමට පැමිණි අවස්ථාවේ එම වංචාව සිදු කර ඇති බව ය.

මුදල් අයකැමි කාන්තාව ඊයේ පස්වරුවේ මුදල් ගණනය කරන අවස්ථාවේදී මුදල් අඩු බව හෙළිවීම ත් සමග සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොළට යන අවස්ථාවේදී සැකකාර විදේශිකයින් මෙරටින් පිටව ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය.