නැගෙනහිර ප්‍රධාන ඇමතිට ත්‍රිවිධ හමුදාවෙන් තහනමක්

නැගෙනහිර ප්‍රධාන ඇමතිට ත්‍රිවිධ හමුදාවෙන් තහනමක්

නැගෙනහිර ප්‍රධාන ඇමතිට ත්‍රිවිධ හමුදාවෙන් තහනමක්

කර්තෘ Sakila Udayakumara

26 May, 2016 | 7:01 am

නැගෙනහිර ප්‍රධාන අමාත්‍ය අහමඩ් නසීර් මහතාට නාවික, ගුවන් හෝ යුද හමුදා කඳවුරකට ඇතුළු වීම තහනම් කර ඇති බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් අක්‍රම් අලවි මහතා පැවසුවේ, නාවික හමුදා නිලධාරියෙකුට බැණ වැදීමේ සිද්ධිය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව ය.

ඊට අමතරව නැගෙනහිර ප්‍රධාන අමාත්‍යවරයා සහභාගීවන කිසිඳු උත්සවයකට යුද, ගුවන් හා නාවික හමුදාව සහභාගී නොවීමට තීරණය කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

ත්‍රිකුණාමලය සාම්පූර් මහා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේදී අදාළ නාවික හමුදා නිලධාරීවරයාට, නැගෙනහිර ප්‍රධාන අමාත්‍යවරයා බැණ වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව ලබා දුන් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]