අරනායක, සිරිපුර නාය යාමෙන් 134ක් අතුරුදන්ව ඇති බවට තොරතුරු

අරනායක, සිරිපුර නාය යාමෙන් 134ක් අතුරුදන්ව ඇති බවට තොරතුරු

අරනායක, සිරිපුර නාය යාමෙන් 134ක් අතුරුදන්ව ඇති බවට තොරතුරු

කර්තෘ Staff writer

19 May, 2016 | 7:10 am

අරනායක, සිරිපුර ප්‍රදේශයේ සිදු වූ නාය යාමෙන් පුද්ගලයින් 134 දෙනෙකු අතුරුදන්ව තිබේ.

බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසුවේ, නිවාස 66ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව ය.

සොයා ගත් මළ සිරුරු 14න් 8 දෙනෙකු හඳුනාගෙන ඇති බව ද සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේ ය.

මේ අතර බුලත්කොහුපිටිය, කළුපහන වත්ත ප්‍රදේශයේ සිදු වූ නාය යාමෙන් අතුරුදන්ව සිටි පුද්ගලයින් 5 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගත් බව පොලීසිය පවසයි.

බුලත්කොහුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, තව ත් පුද්ගලයින් 11 දෙනෙකු සොයා පරීක්ෂණ සිදු කරන බව ය.

කඩුගන්නාව නාය යාමෙන් පුද්ගලයින් 5 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

කඩුගන්නාව පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, තව ත් එක් අයෙක් අතුරුදන්ව සිටින බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]