ජල බිල ලබන මාසයේ සිට ඉහළ යන ලකුණු

ජල බිල ලබන මාසයේ සිට ඉහළ යන ලකුණු

ජල බිල ලබන මාසයේ සිට ඉහළ යන ලකුණු

කර්තෘ Chathuranga Rajapaksha

07 May, 2016 | 6:28 pm

මැයි මස 02 වැනිදා සිට ක්‍රියාත්මක බදු සංශෝධනයට අනුව මේ මාසයේ සිට ජල ගාස්තු වැඩි කිරීමට අදාළ අභ්‍යන්තර චක්‍රලේඛයක් නිකුත් වී තිබේ.

මෙරට මුළු ජනගහනයෙන් සියයට 46ක් භාවිත කරන්නේ නල ජලය. එවැනි තත්ත්වයක් තුළ මෙම බදු සංශෝධනය ජනතාවට දැඩිව බලපාන්නකි.

මේ හේතුවෙන්ම පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී ද වැඩි කළ බද්ද ජල බිල්මතට එක්කිරීම පිළිබඳව අදහස් පළවිය

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා

[quote]අද ටැප් එකක් ඇරියාම වැටෙන්නේ ජලය නෙවෙයි ජලයත් එක්ක අපිට හුරු හඬ නෙවෙයි ටැප් එක ඇරියාම
ඇහෙන්නේ වැට් වැට් කියල තමයි අද ජලය කරාමෙන් ඇරෙන්නේ සීයට 15ක වැට් බද්ද අද ගිනි පෙට්ටියේ ඉඳන් මනී පෙට්ටිය දක්වාම අය කරන්න පටන් අරන් තියෙනවා.[/quote]

ජල ගාස්තු සඳහා අදාළ බදු එකතුවන දැක්වෙන චක්‍රලේඛයක් ජාතික ජලසම්පාදන මණ්ඩලය විසින් නිකුත් කර තිබේ.

ගෘහස්ත කාණ්ඩය යටතේ ඒකක දහයක් පරිභෝජනය කරන නිවසකින් කලින් අයකළ මුදල රුපියල් 204 ශත 80ක්. නව බදු එකතු කළ විට එය රුපියල් 212 සත 18 කි.

ඒකක 15ක් පරිභෝජනය කරන නිවසකට කලින් රුපියල් 309 සත 69ක බිල්පතක් ලැබුණු අතර නව ගාස්තු ක්‍රමය යටතේ රුපියල් 320සත 85ක ගාස්තුවක් අය කෙරෙනු ඇති.

ඒකක 20ක් පරිභෝජනය කරන නිවසකින් කළින් අයකළ මුදල රුපියල් 519.48ක් නව බදු එකතු කළ විට එය රුපියල් 538 සත 20කි.

ගෘහස්ථ කාණ්ඩයේ ජල පරිභෝජනය ඒකක 30කට කළින් අයකළ ගාස්තුව රුපියල් 1520 සත 70කි.

ගාස්තු වැඩිවුණු පසුව එය රුපියල් 1575 සත 50කි.

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපති අලහුඩින් අන්සාර් මහතා

[quote]ට්‍රෙෂරි එකෙන් මේකක් ගන්න. ඒගොලන්නේ ඉන්ස්ට්‍රක්ෂන් එනකම් තමා අපිත් ඉන්නේ.[/quote]

ප්‍රශ්නය – හැබැයි දැන් ඔබතුමාලගේ වෝටර්බොඩ් එකේ ඇතුළේ ට්‍රැරිෆ් ටේබල් ෆෝ ඕල් කැටගරීස් කියල ඉවරවෙලා ටේබල් එකක් බෙදල තියෙනවා? ඒක මේ මාසේ ඉඳන් ඉෆෙක්ටිව්ද?

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපති අලහුඩින් අන්සාර් මහතා

[quote]ඩිසිෂන් මේක් කරන්නේ ට්‍රෙෂරි එකෙන්නේ. ආණ්ඩුවේ පොලිසි එකක්නේ. ඒගොල්ල ඒ ඩේට් එක දාල තියෙන දා ඉඳල මේව වෙනවා. මංහිතන්නේ ඒක සෙකන්ඩ් මේ ඉඳල මේවා වෙනවා.[/quote]

මීට සමගාමීව වෙළෙඳ කාණ්ඩය ඇතුළු අනෙකුත් ජල පරිභෝජන කාණ්ඩවල ගාස්තු ද ඉහළ නැංවීමට නියමිත ය.

අද පැවති උත්සවයකදී මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ පිළිබඳව අදහස් පළ කළේය.

[quote]හැමදාම මේ වැට් බදු තියෙන්නේ නෑ මේ ගාණට. වැට් බදු අඩුවෙයි. මොකද දැන් මූල්‍ය වශයෙන් ලංකාවට ආධාර කීපයක් එනවා ඉදිරි කාලයේදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ජුනි මාසයේ එනවා. ඊට පස්සේ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර සහ ණය එනවා. මේ සේරමත් එක්ක ලංකාවේ ආර්ථිකයට යම් කිසි පොම්ප කිරීමක් වෙනව විදේශීය ධනය .ඒ පොම්ප කිරීම තුළ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න පුළුවන් . වැට් වගේ දේවල් ඉදිරි කාලයේදී එහෙම ආර්ථිකය ශක්තිමත් වුණාම අඩු කරගන්න පුළුවන් වෙයි කියල අපි හිතනවා.[/quote]

කෙසේ වෙතත් අප කළ සොයාබැලීමකදී හෙළිවුණේ විදුලි බිල්පතට වැඩි කළ කිසිඳු බද්දක් අය නොකෙරෙන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]