ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන තුනක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන තුනක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන තුනක්

කර්තෘ Chathuranga Rajapaksha

07 May, 2016 | 6:47 pm

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සදහා අමෙරිකානු ඩොලර් බිලියන තුනක මූල්‍ය ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාවය පළ කර තිබේ.

පසුගිය 02 වනදා සිට 05 වනදා දක්වා ජර්මනියේ පැවති ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් අමාත්‍යවරුන්ගේ සමුළුවට රටවල් 67ක් සහභාගි වූහ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට එක්වුයේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතායි.

ඊයේ රාත්‍රි දිවයිනට පැමිණි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි වසර 03ක කාලය සදහා සහන පොලී අනුපාතයක් යටතේ මෙම මූල්‍යාධාර ලබාදිමට නියමිත බව ය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා

[quote]ලංකාවේ සංවර්ධනය දැකලා අපිට ඉතාමත් අධික මට්ටමට ප්‍රාග්ධන වියදම් කිරිමට සල්ලි ලබා දීලා තියෙනවා.මීට අවුරුදු 6,7කට කලින් තියෙන ප්‍රමාණය එක අවුරුද්දකට දෙන්න ඒගොල්ලෝ පොරොන්දු වෙලා තියෙනවා. සියයට 8,9 ණය ගන්නේ ‍නැතිව සියයට 1ට එකහාමාරට ණය ගන්න පුළුවන් හැකියාව අපිට ලැබී‍ තිබෙනවා.ඉතිං මම හිතන විදියට සියළුම ජනතාව ස්තුති වන්ත වෙන්න අවශ්‍යයි ආසියානු සංවර්ධන බැංකුව කළ ඒ උදව් වලට.අපි දැන් රට සංවර්ධනය කරන්න සුදානමින් සිටිනවා [/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]