රාගම ගෙවත්තක තිබූ කොකේන් තොගයක් ගල්කිස්ස පොලිස් භාරයට

රාගම ගෙවත්තක තිබූ කොකේන් තොගයක් ගල්කිස්ස පොලිස් භාරයට

රාගම ගෙවත්තක තිබූ කොකේන් තොගයක් ගල්කිස්ස පොලිස් භාරයට

කර්තෘ Staff writer

04 May, 2016 | 7:32 pm

රාගම, ඉහළගම ප්‍රදේශයේ ගෙවත්තක තිබී කොකේන් තොගයක් අද ගල්කිස්ස පොලිස් භාරයට ගෙන තිබේ.

රාගම , ඉහළගම ගැමුණු මාවතේ ගෙවත්තක තිබී 1kg 206g ක් වූ මෙම කොකේන් තොගය සොයාගෙන තිබේ.

ගල්කිස්ස පොලිස් ස්ථානාධිපති රොහාන් පුෂ්පකුමාර මහතාට ලැබුණු තොරතුරක් අනුව කළ සෝදිසියකදී කෝටි 2ක පමණ වටිනාකමින් යුත් මෙම කෙකේන් තොගය සොයා ගැණින.

මැයි මස 02 වන දා කොකේන් 220g කට ආසන්න ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් නයිජීරියානු ජාතිකයින් 8 දෙනා ජීවත්වූ නිවසට යාබ ද නිවසේ ගෙවත්තේ තිබී මෙම කොකේන් තොගය සොයා ගැණුනු බව පොලීසිය පැවසී ය.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලිස් භාරයට ගත් කොකේන් තොගය මත්ද්‍රව්‍ය කාර්යංශය භාරයේ පවති.