ලෝක නිදහස් මාධ්‍ය දිනය අදයි

ලෝක නිදහස් මාධ්‍ය දිනය අදයි

ලෝක නිදහස් මාධ්‍ය දිනය අදයි

කර්තෘ Sakila Udayakumara

03 May, 2016 | 6:53 am

ලෝක නිදහස් මාධ්‍ය දිනය අදට යෙදී තිබේ.

යුනෙස්කෝ සමුළුවේ නිර්දේශය මත 1993දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ලෝක නිදහස් මාධ්‍ය දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

මෙවර ලෝක නිදහස් මාධ්‍ය දිනයේ තේමාව වී තිබෙන්නේ, තොරතුරු දැන ගැනීමේ නිදහස ඔබගේ අයිතිවාසිකමක් යන්න ය.

මැයි 3 වන දා යෙදී ඇති නිදහස් මාධ්‍ය දිනය ලෙස සැමරෙන්නේ, අප්‍රිකානු මාධ්‍යවේදීන් නිදහස් මාධ්‍ය කලාව ප්‍රචලිත කිරීමේ අරමුණින් අප්‍රිකාවේ වින්ඩ්හෝක් නැමීබියා නුවරදී වින්හුක් ප්‍රකාශනය එළිදැක්වීම ය.

ස්වීඩනය සහ ෆින්ලන්තය යන රටවල ලෝකයේ පළමු වරට තොරතුරු දැන ගැනීමේ පනත සම්මත වී වසර 250ක් ගත වීම මෙවර යෙදී ඇති ලෝක නිදහස් මාධ්‍ය දිනය සැමරීමේ විශේෂ සංධිස්ථානයක් වේ.

නිදහස් මාධ්‍ය දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ, මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ය.

මේ අතර ලෝක නිදහස් මාධ්‍ය දිනය වෙනුවෙන් යුනෙස්කෝ සංවිධානය පණිවුඩයක් ද නිකුත් කර තිබේ.

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉර්නා බොකෝවා මහත්මිය මාධ්‍යයට නිකුත් කර ඇති එම පණිවුඩයේ දැක්වෙන්නේ, තොරතුරු දැන ගැනීමේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අඩිතාලම වන බව ය.

රටක තිරසර සංවර්ධනය උදෙසා යහපාලනය ගෙන යාමේදී කිසිඳු බියකින් තොරව මාධ්‍ය හැසිරවීමට නිදහස තිබිය යුතු බව ද ඇය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් දින 5කට වරක් ලෝකයේ කොතනක හෝ මාධ්‍යවේදියෙකු තම රාජකාරියේ නිරතව සිටින විටදී මිය යන බව ද ඇය වැඩිදුරට ත් සඳහන් කළා ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]