“ලෝකය පාලනය කරන්නේ දේශපාලනඥයින් නොව මාධ්‍ය බලධාරීන්” – ජනපති (VIDEO)

“ලෝකය පාලනය කරන්නේ දේශපාලනඥයින් නොව මාධ්‍ය බලධාරීන්” – ජනපති (VIDEO)

කර්තෘ Staff writer

03 May, 2016 | 7:00 pm

අදට යෙදෙන ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය නිමිත්තෙන් උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැතිණ.

ශ්‍රී ලංකාව තුළ යහපත් ජනමාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීම සඳහා විශ්වවිද්‍යාල ජනසන්නිවේදන ආචාර්යය සංගමය සකස්කරන ලද යෝජනා මාලාවක් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළි ගන්වනු ලැබී ය.

[quote]ජනමාධ්‍ය නිදහස,ඒවගේම මාධ්‍යවේදියාගේ අයිතිය ඒ ආයතන ශක්තිමත්කිරීම ඒ ආයතන පෝෂණය කිරීම ඒ වෙනුවෙන් රජයක් කළ හැකි කළ යුතු සියලු කාර්යයන් ඉටු කිරීම අපි රාජ්‍ය ප්‍රතිපත්තියක් විදියට පැහැදිලිව පිලිඅරගෙන ඉන්නවා වගේම ඒ වෙනුවෙන් අපි විසින් කළ හැකි කළ යුතු සියලු දේ අපේ රජය විදියට ඉටු කරනවා. මම දරණ මතය තමයි ලෝකයේ පාලනය කරන්නේ, දේශපාලඥයෝ නෙමෙයි මාධ්‍ය බලධාරීන් කියන එක. අපේ රටේ ඇතැම් මාධ්‍ය ආයතන කටයුතු කරන ආකාරය පිළිබඳව තව ත් මාධ්‍ය ආයතනම අපිට පැමිණිලි කරනවා. නිදහස සහ ඒ සියල්ල පෝෂණය කරනවා වගේම ආරක්ෂා කරනවා වගේම සුරක්ෂිත කරනවා වගේම මාධ්‍ය ආයතන භාර බලධාරීන් කල්පනා කරන්නට ඕනේ තමන්ගේ කටයුතු කිරීමේදී විශේෂයෙන්. විශේෂයෙන්ම වෙබ් අඩවි කොතෙක් දුරට සිය නිදහස අනිසි විදියට පාවිච්චි කරනවාද කියන කාරණාව[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]