මැලේරියා රෝග පරීක්ෂාවට නවත ම ක්‍රමක්

මැලේරියා රෝග පරීක්ෂාවට නවත ම ක්‍රමක්

මැලේරියා රෝග පරීක්ෂාවට නවත ම ක්‍රමක්

කර්තෘ Sagarika Chathumali

03 May, 2016 | 1:13 pm

මැලේරියා රෝග පරීක්ෂණය සිදු කිරිමේ නවතම සහ පහසු ක්‍රමයක් හඳුන්වා දීමට අමෙරිකානු වෛද්‍යවරුන් පිරිසක් සමත්ව සිටිති.

මූත්‍රා මැලෙරියා පරීක්ෂණය ලෙස හඳුන් වන මෙමගින් වේදනාත්මක රුධිර පරීක්ෂණය වෙනුවට මූත්‍රා පරීක්ෂාව තුළින් රෝග කාරකය සිරුරේ තිබේ දැයි ‍හඳුනා ගැනීමට හැකියාව පවතී.

මෙහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ රෝගියාට මෙම පරීක්ෂණය සිය නිවසේදී ම සිදු කර ගැනීමට හැකි වීම ය.

නයිජීරීයාවේ සෞඛ්‍ය අමාත්‍යංශය, මෙම ක්‍රමය පිළිබඳව ජනතාව දිරි ගන්වමින්, උණ වැළදී ඇත්නම් මෙම පරීක්ෂණය කඩිනමින් සිදු කර ගන්නා ලෙසට උපදෙස් දී ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය.

නයිජීරීයාව, මැලෙරියා රෝගය තවමත් තුරන් කිරිමට අසමත් වූ රටකි.

කෙසේ වෙතත් ලෝකයේ බොහෝ රටවල් මේ වන විට මැලෙරියා රෝගය තුරන් කර තිබේ.

අමෙරිකානු ජාතික නයිජීරීයානු සම්භවයක් ඇති වෛද්‍යවරයකු වන එඩී අග්බෝ ඇතුළු කණ්ඩායම මෙම සොයා ගැනීම සිදු කර ඇති අතර ඔවුන් පවසන්නේ 2030 වසර වන විට මැලෙරියාව ලෝකයෙන් සම්පූර්ණයෙන් ම තුරන් කිරිම තම අරමුණ බව ය.