පොල්ගසක් හිස මතට කඩා වැටීමෙන් මවක් මිය ගොස් පුතෙකු තුවාල ලබයි

පොල්ගසක් හිස මතට කඩා වැටීමෙන් මවක් මිය ගොස් පුතෙකු තුවාල ලබයි

පොල්ගසක් හිස මතට කඩා වැටීමෙන් මවක් මිය ගොස් පුතෙකු තුවාල ලබයි

කර්තෘ Staff writer

02 May, 2016 | 10:57 am

එප්පාවල, ගල්මඩුව ප්‍රදේශයේදී යතුරු පැදියක් මතට පොල් ගසක් කඩා වැටීමෙන් මවක් මියගොස් ඇගේ පුත්‍රයා තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, ඔවුන් දෙදෙනා ඊයේ මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව ය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ 47 හැවිරිදි අදාළ මව සහ 18 හැවිරිදි පුත්‍රයා එප්පාවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මව මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

පුත්‍රයා වැඩිදුර ප්‍රතිකාර සඳහා එප්පාවල රෝහලේ සිට අනුරාධපුර රෝහල වෙත මාරුකර යවා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]