තැල්සීමියා රෝගීන් වෙනුවෙන් ඖෂධ නික්ශේපන යන්ත්‍රයක් ප්‍රදානය කෙරේ

තැල්සීමියා රෝගීන් වෙනුවෙන් ඖෂධ නික්ශේපන යන්ත්‍රයක් ප්‍රදානය කෙරේ

කර්තෘ Sagarika Chathumali

02 May, 2016 | 9:49 pm

තැල්සීමියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී භාවිත කරන ඖෂධ නික්ශේපන යන්ත්‍රය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පරිත්‍යාග කිරීම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

නාවික හමුදාව විසින් නිපදවන ලද මෙම යන්ත්‍රය මැයි මස 11 වන දා ට යෙදෙන තැල්සීමියා දිනය වෙනුවෙන් රෝගී දරුවන් දෙනෙකුට සංඛේතාත්මකව ප්‍රදානය කෙරිණ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයින්ගේ මාසික වැටුපෙන් රුපියල් 75 ක මුදලක් වැය කර සමාජ මෙහෙවරක් ලෙස නාවික හමුදා පර්යේෂණ සහ සංවර්ධන අංශය විසින් මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලබයි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ආර්.සී. විජේගුණරත්න මහතා මෙහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]