විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට තහනම් නියෝගයක්

විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට තහනම් නියෝගයක්

විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට තහනම් නියෝගයක්

කර්තෘ Staff writer

29 Apr, 2016 | 7:26 pm

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු පිරිසකට නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයට ඇතුළුවීම වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ය.

මේ අනුව, අදාළ මන්ත්‍රීවරුන්ට අද සිට දින 14 ක කාලයක් මැයි පෙළපාලි පැවැත්වීම සහ සංවිධානය සඳහා නරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයට ඇතුළුවීම තහනම් වනු ඇති.

ඔවුන්ගේ සංවිධායකයින්ට, අනුගාමිකයින් සහ සාමාජිකයින් සඳහා ද මෙම තහනම බල පැවැත් වෙයි.

ලංකා ගමන ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා නාරාහේන්පිට පොලීසියට කරන ලද පැමිණිල්ලකට අදාළව පොලීසිය අධිකරණයෙන් මෙම තහනම් නියෝගය ඉල්ලා සිටියේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]