කේරළ ගංජා 220kg සමග සැකකරුවන් දෙදෙනෙකු නවගත්තේගමදී අත්අඩංගුවට(VIDEO)

කේරළ ගංජා 220kg සමග සැකකරුවන් දෙදෙනෙකු නවගත්තේගමදී අත්අඩංගුවට(VIDEO)

කර්තෘ Staff writer

26 Apr, 2016 | 8:07 pm

කේරළ ගංජා 220kg සමග සැකකරුවන් දෙදෙනෙකු අද නවගත්තේගමදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරමේ සිට කොච්චිකඩේ දක්වා ගංජා ප්‍රවාහනය කරන බවට පොලීසියට තොරතුරු ලැබී තිබිණ.

ඒ අනුව, ගංජා රැගත් වාහනය පොලීසිය විසින් වැටලීමට සූදානම් වූයේ නවගත්තේගම ප්‍රදේශයේ හදිසි මාර්ග බාධකය යොදා ගනිමිනි.

සෝදිසි මෙහෙයුම් අතරතුර පැමිණි මෝටර් රථයකට නවත්වන ලෙස අණකළ ද එය නොනවත්වා ධාවනය කළ බැවින් පොලීසිය ඒ පසුපස හඹා ගියහ.

ඒ අතරතුර පැමිණි තව ත් සැකකටයුතු මෝටර් රථයක් වන්නිඅමුණුකොළ ගම්මානය දෙසට වේගයෙන් ධාවනය වීමේදී අනතුරකට ලක්විය.

එම වාහනයේ සිටි පිරිස පොලීසිය භාරයට පත් කළේ, ගම්වාසින් විසිනි.

සැකකටයුතු වාහන පරික්ෂාවේදී ගංජා 220kg ක් එහි තිබී සොයාගෙන තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]