උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ශුභාශිංසන

උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ශුභාශිංසන

උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ශුභාශිංසන

කර්තෘ Staff writer

15 Apr, 2016 | 12:06 pm

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා සුබ පැතුම් එක්කර තිබේ.

මෙම අවස්ථාව සැලකෙන්නේ බ්‍රිතාන්‍ය අගමැතිවරයෙකු සිංහල දෙමළ නව වසරක් වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින්ට ශුභ පතන ලද දුර්ලභ අවස්ථාවක් ලෙස යි.

දස ලක්ෂ සංඛ්‍යාත ජනතාව නව වසර උදාවත් සමග එය සැමරීමට සිය පවුල් සමග එක්වීමේ ඇති විශේෂ වැදගත්කම තමාට තේරුම් යන බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා පවසයි.

බ්‍රිතාන්‍යවාසී ශ්‍රී ලාංකික ප්‍රජාව වෘත්තීය, සේවා සහ ව්‍යාපාරික අංශවල නිරත වෙමින් සමාජය සඳහා ඉටු කරන කාර්යභාරය ත් අගමැති ඩේවිඩ් කැමරන් විසින් අගය කරනු ලැබ තිබේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තහවුරු කිරීම සහ සංහිඳියාව සඳහා බ්‍රිතාන්‍යයෙන් සැපයෙන දායකත්වය තව ත් නංවාලන බව ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක වත්මන් පාලනය යටතේ එම ක්ෂේත්‍රවල දැනටම ත් ලබා ඇති සැලකිය යුතු වර්ධනය තමා හඳුනාගෙන ඇති බව ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, ලැබූ නව වසර තුළ අතීත විරසක භාවයන් තුළින් ලද අමිහිරි මතක, අමතක කරමින් සියලු ජන කණ්ඩායම් එකට එකමුතු කරනු ලැබීමේ අපේක්ෂාව වෙනුවෙන් තමාත් ශ්‍රී ලංකා ආණ්ඩුව සමග කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]