ඔබාමාගෙන් සහ ජෝන් කෙරීගෙන් අලුත් අවුරුද්දට සුබපැතුම්

ඔබාමාගෙන් සහ ජෝන් කෙරීගෙන් අලුත් අවුරුද්දට සුබපැතුම්

ඔබාමාගෙන් සහ ජෝන් කෙරීගෙන් අලුත් අවුරුද්දට සුබපැතුම්

කර්තෘ Staff writer

13 Apr, 2016 | 7:45 pm

විපක්ෂ නායක ආර්. සම්භන්දන් මහතා අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් මෙම උත්සව සමයේ සියලු දෙනා අතර සමගිය තහවුරුවන ලෙස ක්‍රියාකරන ලෙස ඉල්ලා සිටියි.

විවිධ කරුණු මත මෙම උත්සවය සැමරීමේ භාගය නොලැබූ පුද්ගලයන් ද සිහිපත් කළ යුතු බව විපක්ෂ නායකවරයාගේ සුබපැතුම් පණිවිඩයේ වැඩි දුරටත් සඳහන්.

අලුත් අවුරුද්ද නිමිත්තෙන් ජනාධිපති බැරක් ඔබාමා සහ අමෙරිකානු ජනතාව වෙනුවෙන් එරට රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ, ගෙවුණු වසරේ ලද ඓතිහාසික ජයග්‍රහන මගින් සංහිදියාව, සාමය සහ ඉවසීමේ හැකියාව පිළිබඳ ශ්‍රී ලංකික ජනතාව තුළ ඇති කැපවීම පෙන්නුම් කෙරුණු බව ය.

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙනයාමට හැකිවේවායි ජොන් කෙරී මහතා ප්‍රාර්ථනා කර තිබේ.