වඳුරඹදී 18 හැවිරිදි තරුණියක් ඝාතනය කෙරේ

වඳුරඹදී 18 හැවිරිදි තරුණියක් ඝාතනය කෙරේ

වඳුරඹදී 18 හැවිරිදි තරුණියක් ඝාතනය කෙරේ

කර්තෘ Staff writer

11 Apr, 2016 | 11:34 am

වඳුරඹ, මැදකීඹිය ප්‍රදේශයේදී 18 හැවිරිදි තරුණියක් ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, අදාළ තරුණිය ඊයේ 8.30 ට පමණ සිය ඥාතියෙකුගේ නිවසට ගොස් ඇති අතර යළි නිවසට නොපැමිණීම හේතුවෙන් සොයා බැලීමේදී ඇගේ සිරුර හමු වී ඇති බව ය.

ඇයගේ මෘත ශරීරය නිවසට 75m ක් පමණ දුරක පිහිටි තේ වත්තක තිබී සොයා ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඇයගේ ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල පවතින බව ය.

මෘත ශරීරය මේ වන විට එම ස්ථානයේ පවතින බව ත් බද්දේගම මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට පැමිණීමට නියමිත බවත් පොලීසිය සඳහන් කළේ ය.