මෙල්බර්න්හි උද්‍යානයකදී කුඩා දැරියක පැහැර ගෙන ගොස් ඝාතනය කෙරේ

මෙල්බර්න්හි උද්‍යානයකදී කුඩා දැරියක පැහැර ගෙන ගොස් ඝාතනය කෙරේ

මෙල්බර්න්හි උද්‍යානයකදී කුඩා දැරියක පැහැර ගෙන ගොස් ඝාතනය කෙරේ

කර්තෘ Sagarika Chathumali

11 Apr, 2016 | 6:43 pm

ඔස්ට්‍රේලියාවේ උතුරු මෙල්බර්න්හි උද්‍යානයකදී නාඳුනන පුද්ගලයෙකු විසින් කුඩා දැරියක් පැහැර ගෙන ගොස් ඝාතනය කරනු ලැබ තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මාස 15ක් පමණ වයසැති දැරිය ඇයගේ මව විසින් තල්ලු කරන රථයක තබා ඔලිම්පික් උද්‍යානය තුළ රැගෙන යමින් සිටියදී මෙම පැහැර ගැනීම සිදුව ඇති බව ය.

දැරියගේ මළ සිරුර හමු වී ඇත්තේ, පැහැර ගත් දිනට පසුදා උද්‍යානය අසල කලපුවක තිබියදී ය.3303D53F00000578-3531913-image-a-12_1460249359389

අදාළ සැකකරු මව පසෙකට තල්ලු කර දමා තල්ලු කරන රථයේ සිටි දැරිය පැහැර ගෙන පලා ගොස් තිබේ.

දැරිය ද රැගෙන ඔහු එම ආසන්නයේ පිහිටි සාප්පු සංකීරණයක් වෙත දිව ගොස් ඇත.

පසුව ඇය අදාළ සැකකරු පිටුපස දිව ගිය ද දරුවා රැගෙන ඔහු කිනම් ස්ථානයකට ගියේ ද යන්න පිළිබඳ සොයා ගැනීමට නොහැකි වී ඇති අතර පසුව සිද්ධිය සම්බන්ධයෙන් මව පොලීසියට දැනුම් දී තිබේ.

දැරියගේ මව පොලීසියට වැඩිදුරටත් පවසා ඇත්තේ, දැරිය පැහැරගත් පුද්ගලයාගෙන් මත්ද්‍රව්‍ය දුඟදක් හැමූ බව ත් ඔහු එම අවස්ථාවේ පා පවහන් පැළඳ නොසිටි බව ත් ය.

22 හැවිරිදි අදාළ මව වැඩිදුරටත් පවසා ඇත්තේ, තමාට සැකකරුගේ මුහුණ නිසි ලෙස හඳුනා ගැනීමට නොහැකි වූ බව ය.

පොලීසිය පවසන්නේ, අදාළ මව පවස ආකාරයට සැකකරු අඩි 6ක් පමණ උසැති ඔහු අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන්නෙකු බවට අනුමාන කරන බව ය.

විමර්ශන මෙහෙයවන නිලධාරියෙකු පවසා ඇත්තේ, දරුවාගේ මළ සිරුර කොපමණ වේලාවක් එම ස්ථානයේ තිබුණේ ද යන්න පිළිබඳව නිශ්චිතව පැවසිය නොහැකි බව ය.

මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ තොරතුරු තවමත් ප්‍රකාශයට පත් නොකර නොමැති අතර ඒ අනුව මරණයට හේතුව  කුමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

තව ද ඝාතනයට සම්බන්ධ සැකකරු මේ වන තෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර එරට පොලීසිය සැකකරු සොයා විමර්ශන ආරම්භ කර තිබේ.

1460358884000

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]