බණ්ඩාරගම රිය අනතුරකින් 12 දෙනෙකුට තුවාල

බණ්ඩාරගම රිය අනතුරකින් 12 දෙනෙකුට තුවාල

බණ්ඩාරගම රිය අනතුරකින් 12 දෙනෙකුට තුවාල

කර්තෘ Staff writer

11 Apr, 2016 | 9:03 am

බණ්ඩාරගම ප්‍රදේශයේදී අද අලුයම සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලැබී ය.

පොලීසිය සඳහන් කළේ, කොළඹ දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනයවූ කැබ් රථයක්, හොරණ දෙසට ගමන් කළ වෑන් රථයක් හා ත්‍රීරෝද රථයක ගැටී ඇති බව ය.

අනතුරුව කැබ් රථය පෙරළී ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අනතුරින් එම වාහනවල ගමන් කළ පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා බණ්ඩාරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර රෝහල මූලික රෝහල වෙත මාරුකර යවා ඇති බව ය.