ධුරයට සමු දුන් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් පිළිබඳ සටහනක් (VIDEO)

ධුරයට සමු දුන් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් පිළිබඳ සටහනක් (VIDEO)

කර්තෘ Sagarika Chathumali

11 Apr, 2016 | 8:25 pm

වසර 5 කට ආසන්න කාලයක් මෙරට 33 වන පොලිස්පතිවරයා ලෙස සේවය කළ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා අද ධුරයෙන් විශ්‍රාම ගත්තේ ය.

1980 වසරේ උප පොලිස් පරික්ෂකවරයෙකු ලෙස සේවයට එක්වූ ඉලංගකෝන් මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරම්භක සාමාජිකයෙකි.

යුද ක්‍රියාන්විතයට සක්‍රියව දායකත්වය දුන් ඔහු දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කරමින් දෙපාර්තමේන්තුවේ නිල තල රැසක් දරා ඇති පුද්ගලයෙකි.

2011 වසරේ ජුනි මස 29 වන දා පොලිස්පති ධුරයට පත් ඉලංගකෝන් මහතා සිය සේවා කාලය තුළ පොලිස් සේවය ජනතාවට වඩාත් සමීප කිරීම සඳහා දැඩිලෙස කැපවූ අයෙකි.

අද පස්වරුවේ පොලිස්පතිවරයා වෙනුවෙන් විශේෂ උත්තමාචාරයක් පිරිනැමුණේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී ය.

මේ අතර පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවට එස්.එම්.වික්‍රමසිංහ, පූජිත් ජයසුන්දර හා සී.ඩී.වික්‍රමරත්න යන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ නම් යෝජනා කරනු ලැබ තිබේ.

මී ළඟ පොලිස්පතිවරයා පිළිබඳව නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා ව්‍යවස්ථා සභාව ලබන 18 වන දා රැස්වීමට නියමිතව ඇත.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]