උකුස්සා මැරූ 9 දෙනාට 50,000 බැගින් දඩ

උකුස්සා මැරූ 9 දෙනාට 50,000 බැගින් දඩ

උකුස්සා මැරූ 9 දෙනාට 50,000 බැගින් දඩ

කර්තෘ Sagarika Chathumali

11 Apr, 2016 | 5:23 pm

ගාල්ල, නුගදූව ප්‍රදේශයේදී හිංසනයට ලක්කර උකුස්සකු මරා දැමීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවන් 9 දෙනෙකුට රුපියල් 50,000 බැගින් දඩ නියම කෙරිණ.

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය මෙලෙස දඩ නියම කළේ, අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් 9 දෙනෙකුට චෝදනා එල්ල වී තිබිණ.

පසුගිය මාර්තු 8 වන දා එම උකුස්සා මරා දමා එහි ඡායාරූප සමාජ වෙබ්අඩවිවල පළ කරීම ත් සමග මේ පිළිබඳ පොලීසිය පරීක්ෂණ ආරම්භ කළේ ය.