අවුරුදු සමයේ බීමත්ව රිය පදවන රියැදුරන්ගේ රියැදුරු බලපත්‍රය ලබා නොදීමේ තීරණයක්

අවුරුදු සමයේ බීමත්ව රිය පදවන රියැදුරන්ගේ රියැදුරු බලපත්‍රය ලබා නොදීමේ තීරණයක්

අවුරුදු සමයේ බීමත්ව රිය පදවන රියැදුරන්ගේ රියැදුරු බලපත්‍රය ලබා නොදීමේ තීරණයක්

කර්තෘ Staff writer

11 Apr, 2016 | 7:17 am

සිංහල, අලුත් අවුරුදු සමයේ බීමතින් රිය පවා අත්අඩංගුවට පත්වන පුද්ගලයින්ගේ රියදුරු බලපත්‍රය නැවත ලබා නොදෙන බව පොලීසිය පවසයි.

රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා පැවසුවේ, අද සිට මෙය ක්‍රියාත්මක බව ය.

මීට පෙර බීමත්ව රිය පදවා අත්අඩංගුවට පත්වූ රියැදුරන්ගේ රියැදුරු බලපත්‍රය ලබාගෙන නැවත තාවකාලික බලපත්‍රයක් ලබා දීමට කටයුතු කළ බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා පැවසී ය.

එහෙත් අද සිට එම තාවකාලික බලපත්‍රය ලබා නොදීමට තීරණය කර ඇති බවද ඔහු සඳහන් කළේ ය.

ඒ හේතුවෙන් පොලීසිය රියැදුරන්ගෙන් ‍ඉල්ලා සිටින්නේ බීමත්ව රිය පැදවීමෙන් වැළකී සිටින ලෙසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]