ඇස් පිනවන ගිනිකෙළි නිසා මුළු කේරළයේ ම ඇස් රතු වෙයි : මරණ සංඛාව 102ක් දක්වා ඉහළට

ඇස් පිනවන ගිනිකෙළි නිසා මුළු කේරළයේ ම ඇස් රතු වෙයි : මරණ සංඛාව 102ක් දක්වා ඉහළට

ඇස් පිනවන ගිනිකෙළි නිසා මුළු කේරළයේ ම ඇස් රතු වෙයි : මරණ සංඛාව 102ක් දක්වා ඉහළට

කර්තෘ Sagarika Chathumali

10 Apr, 2016 | 6:36 pm

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දේවස්ථානයක හටගත් පිපිරීමක් නිසා හටගත් ගින්නෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, සිද්ධියෙන් තුවාල ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 350 ඉක්මවන බව ය.

මෙම පිපිරීම සිදු වූයේ කේරළ ප්‍රාන්තයේ කොළම් දිස්ත්‍රික්කයේ හින්දු දේවස්ථානයක පැවති ආගමික උත්සවයක් අතරතුරදී ය.

එළැඹෙන උත්සව සමයේ ගිනි කෙළි සංදර්ශනය සඳහා භාවිතයට ගැනීම සඳහා අසුරා තිබු රතිඤ්ඤාවලට ගිනි ඇවිලීමෙන් මෙම අනතුර සිදු ව ඇත.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ ඊයේ පැවති ආගමික උත්සවය සඳහා භාවිත කළ ගිනිකෙළි , ගබඩා කර තිබු රතිඤ්ඤා තොගය මතට වැටිමෙන් පිපිරිම සිදුව ඇති වී ඇති බව ය.

එරට බලධාරීන් පවසන්නේ රතිඤ්ඤා ඇතුළු ගිනිකළි ගබඩා කිරීමට සඳහා මෙම දේවස්ථානයට අවසර ලබානොදුන් බව ය.

මෙම පිපිරිමෙන් දේවස්ථානය මුලිමනින් ම පාහේ විනාශ වී ඇති අතර එම ස්ථානයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝඩි මහතා ද පැමිණ තිබේ.

සිද්ධියට අදාළ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක ය.

ඇස් පිනවන ගිනිකෙළි කේරළයේ ම ඇස් රතු කරමින් ජීවිත 100 ක් බිලි ගත්තේ එළැඹෙන උත්සව සමයේ ගින්කෙළිවලින් සීමාව ඉක්මවමින් විනෝද වන සියලු දෙනා ඉදිරියේ රතු එළියක් දල්වමිනි.