තෙදින නිල සංචාරයක් සඳහා අගමැති චීනයට

තෙදින නිල සංචාරයක් සඳහා අගමැති චීනයට

තෙදින නිල සංචාරයක් සඳහා අගමැති චීනයට

කර්තෘ Staff writer

06 Apr, 2016 | 7:22 pm

තෙදින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ චීනය බලා පිටත්ව ගියේ ය.

මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා එරට සංචාරයක නිරත වෙයි.

මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පිං, අග්‍රාමාත්‍ය ලී කෙකියාන්, ඇතුළු එරට මහජන නියෝජිතයින් රැසක් ද හමුවීමට නියමිත ය.

එහිදී දෙරටේ ආයෝජන, ආර්ථික, තාක්ෂණික සහයෝගීතාව වර්ධනය කරගැනීම උදෙසා වන ගිවිසුම් ගණනාවකට ද එළැඹීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසී ය.

මෙම සංචාරයට විදේශ අමාත්‍ය මංගල සමරවීර, නිමල් සිරිපාලද සිල්වා , ආචාර්ය සරත් අමුණුගම, රවුෆ් හකීම් ,සජිත් ප්‍රේමදාස යන අමාත්‍යවරුන් මෙන්ම ,අග්‍රාමාත්‍ය කාර්යාලය නියෝජනය කරමින් නියෝජිතයින් කිහිපදෙනෙකු ද එක්ව සිටිති.