කැකිරාවේදී යතුරු පැදියක් ගසක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මරුට

කැකිරාවේදී යතුරු පැදියක් ගසක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මරුට

කැකිරාවේදී යතුරු පැදියක් ගසක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මරුට

කර්තෘ Staff writer

06 Apr, 2016 | 10:11 pm

කැකිරාව,සේනපුර ප්‍රදේශයේ යතුරු පැදියක් ගසක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අද පස්වරු 5 ට පමණ එම අනතුර සිදුව ඇති බව ය.

තුවාල ලැබූවන් සේනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රෝහල් ගත කර තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ 43 හැවිරිදි, 32 හැවිරිදි හා 27 හැවිරිදි පුද්ගලයින් ය.