ජන දුක සොයා ගිය ‘ගම්මැද්ද’ වැඩසටහනේ ජන දුක නිවන දෙවන අදියර අද විල්ගමුවෙන් ඇරඹේ

ජන දුක සොයා ගිය ‘ගම්මැද්ද’ වැඩසටහනේ ජන දුක නිවන දෙවන අදියර අද විල්ගමුවෙන් ඇරඹේ

ජන දුක සොයා ගිය ‘ගම්මැද්ද’ වැඩසටහනේ ජන දුක නිවන දෙවන අදියර අද විල්ගමුවෙන් ඇරඹේ

කර්තෘ Chathuranga Rajapaksha

31 Mar, 2016 | 5:46 am

දින 24ක් පුරාවට පසුගියදා ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් ජන දුක සොයා නිව්ස්ෆස්ට් ක්‍රියාත්මක කළ ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහනේ තව ත් පියවරක් අද (31) ඇරඹේ.

ඒ, මාතලේ, විල්ගමුව, අක්කරකාල ප්‍රදේශයෙනි.

අද පැවැත්වෙන ගම්මැද්ද වැඩසටහනේදී මාර්ග ගැටලු, වකුගඩු ප්‍රශ්නය සහ පානීය ජල ගැටලුව පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිත ය.

ගම්මැද්ද වැඩසටහනේ සජීව පටිගත කිරීම විල්ගමුව, කුඹුකන්දන විදුහල් ක්‍රිඩාංගණයේදී අද සවස 5.30 ආරම්භ කෙරේ.

සෑම විටම ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් ජනතා ගැටලු වාර්තාකරණයේ නිරත වූ නිව්ස්ෆස්ට්, ගම්මැද්ද වැඩසටහන තුළින් ද ජන ගැටලු වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ අනුව එම උත්සාහය යථාර්ථයක් බවට පත් කරමින් අද පැවැත්වෙන මෙම ගම්මැද්ද වැඩසටහනේදී පානිය ජල පහසුකම් නොමැති පවුල් සඳහා PE+ ජල ටැංකි බෙදා දීමක් ද සිදු කෙරේ.

ඊට අමතරව රිචඩ් පීරිස් ඩිස්ට්‍රිබියුටර් ආයතනය මගින් ප්‍රදේයේ රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා රැකියා ලබා දීමට ද කටයුතු සංවිධානය කර තිබේ.

විල්ගමුවේදී පැවැත්වෙන ගම්මැද්ද වැඩසටහනට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනකු ද සහභාගී වේ.

එබැවින් විල්ගමුව, අක්කරකාල ප්‍රදේශයේ වැසියන්ට ඔවුන්ගේ ගැටලු තව දුරට ත් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාව ද හිමි වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]