ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ දිවි පිදූ මහ සිකුරාදා දිනය අද යි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ දිවි පිදූ මහ සිකුරාදා දිනය අද යි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ දිවි පිදූ මහ සිකුරාදා දිනය අද යි

කර්තෘ Sakila Udayakumara

25 Mar, 2016 | 12:12 pm

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ දිවි පිදූ දිනය, එනම් මහ සිකුරාදා දිනය අද යි.

උන්වහන්සේගේ දුක්ඛප්‍රාප්තිය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමත්හු අද දින දිව්‍ය පූජාවල නිතර වෙති.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, මීට වසර 1985කට පමණ පෙර අද වැනි දිනක ජෙලුසෙලම් නුවර කල්වාරියේ, ගොල්ගොතා කඳු මුදුනේදී කුරුසයේ දිවි පිදී ය.

මහ සිකුරාදා දිනට පසු ඉරිදාවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථාන විය.

කිතුණු බැතිමතුන් හෙට ආලෙලුයියා සෙනසුරාදා දීර්ඝ දිව්‍ය පූජා යාගයකට සහභාගී වන අතර අනිද්දා පාස්කු ඉරිදාව සමරන්නේ, මහත් බැතියෙනි.

මීගමුවේ ජනතාව ද මහ සිකුරාදා දිනය ඉමහත් භක්තියෙන් යුතුව සමරනු ලැබී ය.

ධීවර ජනතාව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් මීගමුව පිටිපන ප්‍රදේශයේදී විශේෂ පසම් ගායනයක් පැවැත්විය.

මීට සමගාමීව මීගමුව, කඩොල්කැළේ ක්‍රීඩාංගණයේදී පාස්කු නාට්‍ය ජවනිකා ප්‍රදර්ශනය කිරීමක් ද සිදු විය.

මේ අතර මහ සිකුරාදා දිනය වෙනුවෙන් වව්නියාව පල්ලියේදී අද උදෑසන විශේෂ දේව මෙහෙයක් ද පැවැත්විණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]