ප්‍රබල ඔස්ට්‍රේලියාව ත් පරාජය කළ නවසීලන්තය අපරාජිතව ඉදිරියට

ප්‍රබල ඔස්ට්‍රේලියාව ත් පරාජය කළ නවසීලන්තය අපරාජිතව ඉදිරියට

ප්‍රබල ඔස්ට්‍රේලියාව ත් පරාජය කළ නවසීලන්තය අපරාජිතව ඉදිරියට

කර්තෘ Chathuranga Rajapaksha

18 Mar, 2016 | 8:35 pm

ලෝක කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 10 දෙනාගේ වටයේ, ඔස්ට්‍රේලියාවට එරෙහිව අද පැවැති තරගය ත් ලකුණු 8කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

පසුගියදා ඉන්දියාව සමග පැවති තරගය ද ජයගත් නවසීලන්තය මේ වනවිට තරගාවලියේ අපරාජිතව ඉදිරියට ගමන් කරමින් සිටීම විශේෂත්වයකි.

ඉන්දියාවේ ධර්මශාලාහීදී පැවැති තරගයේ, පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 142 ක් රැස් කළේය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මාටින් ගප්ටිල් ලකුණු 39ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි, ඔස්ට්‍රේලියා ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 100 ක් තුළදී බිඳ වැටුණි.

උසමන් කවජා ලකුණු 38 ක් රැස් කළ අතර, මිචෙල් මාෂ් ලකුණු 24 ක් රැස් කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 143 ක් හඹා ගිය ඔස්ට්‍රේලියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 134 ක් පමණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]