අප්‍රේල් 4 සිට පොහොර මිලදි ගැනීම සඳහා ගොවින්ට මුදල්

අප්‍රේල් 4 සිට පොහොර මිලදි ගැනීම සඳහා ගොවින්ට මුදල්

අප්‍රේල් 4 සිට පොහොර මිලදි ගැනීම සඳහා ගොවින්ට මුදල්

කර්තෘ Chathuranga Rajapaksha

18 Mar, 2016 | 6:42 am

අප්‍රේල් මස 04 වනදා වන විට පොහොර මිලදි ගැනීම සඳහා ගොවින්ට මුදල් ලබාදෙන බව ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනිල් විරසිංහ මහතා ප්‍රකාශ කළේ, එම මුදල් එදිනට සියලුම බැංකු සඳහා නිකුත් කරන බව ය.

මුදල් ලබාදිම සඳහා ඉඩම් හිමිකරුවන්ගෙන් අයැදුම්පත්වලට තොරතුරු ලබා ගැනිම 80% ක් පමණ මේ වනවිට අවසන් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ මේ මස 24 වන දා වනවිට බැංකු සඳහා සියලු තොරතුරු ලබාදීම සිදු කරන බව ය.

මීට පෙර ලබාදුන් පොහොර සහනාධාරය වෙනුවට පොහොර ලබා ගැනිම සඳහා මුදල් ලබාදීමට රජය තීරණය කර තිබේ.