HIV තිබ්බත් නැතත් කිසිම දරුවෙකුට මෙවැනි දෙයක් වෙන්න ඉඩ තියන්න එපා – කුලියාපිටිය දරුවාගේ මව

HIV තිබ්බත් නැතත් කිසිම දරුවෙකුට මෙවැනි දෙයක් වෙන්න ඉඩ තියන්න එපා – කුලියාපිටිය දරුවාගේ මව

කර්තෘ Chathuranga Rajapaksha

14 Mar, 2016 | 8:50 pm

සෑම පුරවැසියෙකුටම වයස අවුරුදු 5 සිට රජයේ පාසල්වල ඉගෙනුම ලැබීමේ අයිතිය අනිවාර්ය බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශයට පත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ අවධාරණය කළේ, එච්.අයි.වී. හෝ වෙනත් කරුණක් නිසා එය අහිමි කළ නොහැකි බව ය.

කුලියාපිටිය දරුවා සම්බන්ධයෙන් ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සම අද සළකා බලමින් අධිකරණය මේ බව දැනුම් දුන්නේය.

එච්.අයි.වී. ආසාදිතයැයි පවසමින් කුලියාපිටිය ප්‍රදේශයේ දරුවෙකුට පාසැලට ඇතුළත්වීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් පැවරූ මෙම මූලික අයිතිවාසිකම් නඩුව අද විභාගයට ගත්තේ අගවිනිසුරු කේ. ශ්‍රී පවන් හා ඊවා වනසුන්දර යන ‍‍ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී ය.

දරුවා අධ්‍යාපන ඇමතිවරයාගේ මැදිහත්වීමෙන් මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික පාසලකට ඇතුළත් කර ඇති බව ත්, ඔහුගේ අධ්‍යාපනයට යන සෑම වියදමක්ම දැරීමට එකඟ වී ඇති බව ත් රජයේ නීතිඥවරයා එහිදී දැනුම් දුන්නේය‍.

පෞද්ගලික පාසලක් දරුවා වෙනුවෙන් ඉදිරිපත් වූ බව ත්
මෙවැනි සිද්ධීන්වලට දරුවන්ට සහ දෙමව්පියන්ට මුහුණපෑමට සිදුවන බැවින් අධිකරණය මැදිහත් වී එවැනි පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශයක් කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා සිටියේය.

එම පාර්ශ්වය ඉල්ලා සිටියේ මෙම දරුවාට එච්.අයි.වී. නොමැති බවට වෛද්‍යවරුන් පැහැදිලිවම කියා සිටියදී අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ බලධාරීන් ඒ පිළිබදව සැළකිලිමත් නොවීම පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමට දේශන පැවැත්විය යුතු බව ය.

නීතීඥ තිශ්‍ය වේරගොඩ

[quote]මේ එච්.අයි.වී. ඒඩ්ස් ආසාදිත පුද්ගලයින් හෝ ඒ සම්බන්ධිත පුද්ගලයින් ආශ්‍රයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව රජයට නීතියට අනුව ව්‍යවස්ථාවට සහ බලපවත්නා සියලු නීතින් සහ පබ්ලික් පොලිසි එක අනුව කටයුතු කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වුණා.ඒ සම්බන්ධයෙන් නියෝගයක් පනවනු ලැබුවා.ඒක තමයි අද දිනයේදී අධිකරණයේ සිදුවුණේ.ඒ අනුව නඩු කටයුතු අවසන් කරනු ලැබුවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින්[/quote]
දරුවාගේ මව

[quote]ඇත්තටම මගේ දරුවට එච්.අයි.වී. නැතුව මගේ දරුවා‍ ගොඩාක් අසරණ වුනේ.ඉතිං එච් අයි වී තියෙන දරුවෙක් මේ අම්මලා තාත්තලට අහු වුනොත් එහෙම මොනව කරයිද දන්නේ නැහැ.ඒ හින්දා මම මේ සමාජයෙන් ඉල්ලන්නේ එච් අයි වී තිබ්බත් නැතත් මෙවැනි දරුවෙකුට මේ වගේ දෙයක් වෙන්න ඉස්සරහට ඉඩ තියාගන්න එපාම කියන එක තමයි මම ඉල්ලන්නේ[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]