English
தமிழ்
කර්තෘ Chathuranga Rajapaksha
14 Mar, 2016 | 7:18 pm
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර තමන් සහභාගී වූ දෙවැනි පුහුණු තරගයෙන් ද පකිස්තානය හමුවේ පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
ඉන්දියාවේ කල්කටාහීදී පැවැති තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක්
දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 157කි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී රැස් කළේ, ලකුණු 142ක්පමණි.
ලහිරු තිරිමාන්න පන්දු 37 කින් ලකුණු 45 ක් රැස්කල අතර ඉමාද් වසීම් ලකුණු 25ට කඩුලු 4 ක් දවා ගත්තේය.
කණ්ඩායම් 10 ක සහභාගීත්වයෙන් 7 වැනි වරට පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වේ.
පළමු තරගයට සත්කාරක ඉන්දියාව සමග තරග වදින්නේ නවසීලන්තයයි.
ඉන්දියාව පන්දුවාර 20යි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ලේඛණයේ අංක එක කණ්ඩායම ලෙස මෙම තරගාවලියට සහභාගීවන අතර, නවසීලන්තය සිව්වැනි ස්ථානයේ පසුවේ.
පන්දුවාර 20යි 20 ලෝක කුසලානය ඉන්දියාව, පකිස්තානය, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් හා ශ්‍රී ලංකාව දිනා සිටී.
මෙවර ප්‍රධාන තරගාවලියට පන්දුවාර 20යි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවූ කණ්ඩායම් 8 ක් සුදුසුකම් ලබා ගැනිණ.
සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේ ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශයයි.
ශ්‍රී ලංකා කණ්ඩායම, ලබන බ්‍රහස්පතින්දා ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග වැදීමට නියමිත ය.
18 Feb, 2019 | 07:30 PM
18 Feb, 2019 | 05:44 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS