විදුලිය බිඳවැටීම ගැන සොයා බැලීමට ජනපති නියමයෙන් කමිටුවක්

විදුලිය බිඳවැටීම ගැන සොයා බැලීමට ජනපති නියමයෙන් කමිටුවක්

විදුලිය බිඳවැටීම ගැන සොයා බැලීමට ජනපති නියමයෙන් කමිටුවක්

කර්තෘ Chathuranga Rajapaksha

14 Mar, 2016 | 10:08 pm

රට තුළ හදීසි විදුලිය ඇණහිටීම හා ගතයුතු ‍කඩිනම් පියවර සොයා බලා රජයට නි‍ර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ කමිටුවක් පත් කර තිබේ.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාඨලි චම්පික රණවක, සාගල රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා යන මහත්වරුන් මෙම කමිටුවේ සාමාජිකයන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

කමිටුවේ පළමු වාර්තාව සතියක් තුළ ජනාධිපතිවරයාට භාර දීමට නියමිත ය.

විදුලිබල ක්ෂේත්‍ර‍යේ ඇති දුර්වලතා සහ ගැටලු නිරාකරණය කර කිසිඳු බලපෑමකින් තොර සේවාවක් සැපයීමට අවශ්‍ය නිර්දේශ මෙම කමිටුව මගින් සපයනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

මේ අතර විදුලිය බිද වැටීම සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත්කර ඇති බව විදුල බල බණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා සඳහන් කළේය.