මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය අභාවප්‍රාප්ත වෙයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය අභාවප්‍රාප්ත වෙයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය අභාවප්‍රාප්ත වෙයි

කර්තෘ Sagarika Chathumali

14 Mar, 2016 | 6:16 am

මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මිය අද අලුයම අභාවප්‍රාප්ත වූවා ය.

ආණ්ඩුකාරවරිය අභාවප්‍රාප්ත වූයේ, මහනුවර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන සුරංගනී එල්ලාවල මහත්මිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද එල්ලාවල මහතාගේ බිරිඳ මෙන් ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල මහතාගේ ආදරණීය මෑනියන් ද වේ.

ඇය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය ලෙස වසරක පමණ කාලයක් කටයුතු කළා ය.

මේ අතර මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසුවේ, සුරංගනී එල්ලාවල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රත්නපුරයේදී සිදුකිරීමට සැලසුම් කර ඇති බව ය.