කැලණිය සරසවියේ ආචාර්යවරුන් අධ්‍යන කටයුතුවලින් ඉවත් වෙති

කැලණිය සරසවියේ ආචාර්යවරුන් අධ්‍යන කටයුතුවලින් ඉවත් වෙති

කැලණිය සරසවියේ ආචාර්යවරුන් අධ්‍යන කටයුතුවලින් ඉවත් වෙති

කර්තෘ Chathuranga Rajapaksha

14 Mar, 2016 | 5:49 pm

කැලණිය විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමය අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලයට බඳවාගත් නවක සිසුන්ට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයින් විසින් නවක වදය ලබාදීමේ සිදුවීමක් මෙම පියවර ගැනීමට හේතු වී තිබේ.

ආචාර්යවරුන්ගේ සංගමය පැවසුවේ මේ සම්බන්ධයෙන් කළ විමසීම්වලදි ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් ආචාර්යවරුන්ට මරණීය තර්ජන හා බැනවැඳීම් සිදුකළ බව ය.

කැලණිය විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් අද සාකච්ඡාවකද නිරත වූ අතර, පළමු වසර හැර සෙසු වසරවල ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වීමට එහිදි තීරණය කර තිබේ.

කැලණිය විශ්වවිද්‍යාල ආචාර්වරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය හල්පිට හේවා සුමතිපාල මහතා

[quote]අපි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හැටියට දන්නවා මේ සිද්ධින්වලට සම්බන්ධ වෙන්නේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවම නෙවෙයි. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ කිහිපදෙනෙකු කරගෙන යන මේ අසික්කිත වැඩපිළිවෙළ නවත්තලා විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සාමකාමිව අධ්‍යාපනය ලබා ගැනීමට තියෙන අයිතිය තහවුරු කරන්නත් ආචාර්යවරු හැටියට අපේ වෘත්තිය ගෞරවය ආරක්ෂා කරගැනීමට අපේ වෘත්තීය වගකීම ඉෂ්ඨ කරන්නත් තමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ.[/quote]

මේ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයෙන්ද අප විමසීමක් කළේය.

කැලණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නන්දන සුදේශ් අබේසිංහ මහතා

[quote]නවක වදයක් දීමත් කවදාවත් ශිෂ්‍ය ව්‍යාපාරය හැටියට හරි ශිෂ්‍යයින් විදිහට හරි සිදුවන්නේ නැ කොයි මොහොතකවත් කැලණිය විශ්වවිද්‍යාලයට අදාළ ගත්තහම කැලණිය විශ්වවිද්‍යාලයේ මේ වෙනකොට අධ්‍යයන සුබසාධන ගැටලු ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා. අපි විශ්වවිද්‍යාලය පරිපාලනයට මේ වෙනකොටත් බලකරමින් ඉන්නේ ශිෂ්‍යයින්ගේ මේ ප්‍රශ්න විසදන්න කියන එක. හැබැයි මේ මොහොත වෙනකොටත් විශ්වවිද්‍යාල පරිපාලනය මේ ශිෂ්‍යයින්ගේ ප්‍රශ්න විසදනවා වෙනුවට ආචාර්යවරුන් හා ශිෂ්‍යයින් අතර අර්බුදයක් නිර්මාණය කරමින් තියෙනවා.[/quote]